top of page

අපනයන සඳහා තාවකාලිකව ආනයනය කිරීමේ වැඩ පිළිවෙල – පළමු ක්‍ර‍මවේදය

අපනයනය සදහා වූ තාවකාලික ආනයන ක්‍රියාවලිය සදහා පහසුකම් සැපයීම – පළමු ක්‍ර‍මවේදය

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් මෙරට නීති පද්ධතියට සහ ව්‍යවස්ථාවට අනුකූලව වන සේ එහි ජනතාව (නිෂ්පාදනකරුවන්, අපනයනකරුවන්) වෙත සහන/පහසුකම් සපයා ඇති ක්‍ර‍මවේද ගණනාව අතුරින් එක් ක්‍ර‍මවේදයක් පමණක් වශයෙන් අපනයනය සදහා වූ තාවකාලික ආනයන ක්‍රියාවලිය සදහා පහසුකම් සැපයීමේ ක්‍ර‍මවේදය හදුන්වාදිය හැකිය. එහිදී අපනයනය සදහා වන නිෂ්පාදන වලට යෙදවුම් වශයෙන් යොද ගන්නා අමු ද්‍ර‍ව්‍ය / ද්‍ර‍ව්‍ය අපනයනයට අවසර ලබා දීම සහ එවැනි යෙදවුම්/ද්‍ර‍ව්‍යයන් වෙනුවෙන් සිදු කරන ගෙවීම් සදහා ද කොන්දේසී සහිතව පහසුකම් සැළසීම සිදු කරනු ලැබේ.

 

මෙම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සාමාන්‍ය සකස් කිරීම, එකලස් කිරීම සහ ඇසුරුම් කිරීමේ සිට අවසානයේ සම්පූර්ණ නිෂ්පාදනයක් දක්වාම වූ ක්‍රියාවලිය ඇතුළත් වේ.

(The processing may include from simple sorting, assembly, packaging to complicated manufacturing.)

 

අරමුණු

  • අපනයන ද්‍ර‍ව්‍ය වල නිෂ්පාදන පිරිවැය අවම කිරීම

  • සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන කරුවන් දිරි ගැන්වීම

  • අපනයනකරුවන්ට ඔවුන්ගේ භාණ්ඩ සදහා ගබඩා පහසුකම් ලබා දීම.

  • ප්‍ර‍ධාන කර්මාන්තයට සම්බන්ධ සහාය කර්මාන්ත සදහා පහසුකම් සැපයීම.

 

සුදුසුකම් ලබන්නන්

  • සෘජු අපනයනකරුවන් – භාණ්ඩය නිෂ්පාදනය කරනු ලබන ආයතනය මගින්ම මෙම ක්‍රියාවලිය යටතේ අපනයනය ක්‍රියාවලිය සිදු කරන්නන්.

  • වක්‍ර‍ අපනයනකරුවන් – භාණෟඩ නිෂ්පාදනය කර අපනයනය උදෙසා වෙනත් සුදුසු ආයතන වලට තම නිෂ්පාදනයන් ලබා දෙන්නන්.

 

සටහන : මෙම යෝජනා ක්‍ර‍මය උපයෝගී කරගනිමින් අපනයන පිණිස කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු/වක්‍ර‍අපනයනකරුවෙකු වේ නම් හෙතෙම රේගු තීරුබදු ප්‍ර‍තිදාන හිමිකම් ලැබීම සඳහා වූ යෝජනා ක්‍ර‍මය යටතේ හෝ නිෂ්පාදන බැඳුම්කර යෝජනා ක්‍රමය යටතේ හෝ එනම් භාණ්ඩයක් නිෂ්පාදනය කොට අපනයනය කිරීම පිණිස තාවකාලිකව යෙදැවුම් ආනයනය කිරීමේ වෙනත් කිසියම් යෝජනා ක්‍ර‍මයක් යටතේ හෝ ක්‍රියා කිරීමට හිමිකම් නොලබයි.

 

අනුමත අමුද්‍ර‍ව්‍ය

  • අපනයන භාණ්ඩ වල අන්තර්ගත වන්නා වූ අමුද්‍ර‍ව්‍ය, උපාංග හා කොටස්

  • අපනයන කිරීමට ඇති නිෂ්පාදන භාණ්ඩ එකලස් කිරීමට අවශ්‍ය කොටස්,

  • අපනයනය කිරීමට ඇති නිෂ්පාදනයේ දී යොදා ගනු ලබන උත්ප්‍රේරක, ත්වකර, සැකසුම් සඳහා වූ රසායනික, රසායනාගාර රසායනික, පර්යේෂණ රසායනික හා රසායනික ප්‍ර‍තික්‍රියා මන්දකාරකයන්.

  • අපනයන නිෂ්පාදනය ඇසිරීම සඳහා යොදා ගනු ලබන ලේබල්, ස්ටිකර්, හා ටැග් ඇතුළු ඇසරුම් ද්‍රව්‍ය සහ එවැනි ඇසුරුම් (ද්‍රව්‍ය නිෂාපදනය කිරීම සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය හා අපනයන නාමාවලී සහ තොරතුරු පත්‍රිකා)

 

පහසුකම ලබා ගන්නා ආකාරය

  • ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

  • පහසුකම ලබා ගැනීම සදහා නිවැරදිව සම්පූර්ණ කරන ලද TIEP – I අයදුම්පත ඉදිරිපත් කළ යුතුය. (මුල් පිටපත් 03)

  • අදාළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අධිකාරීන් වෙතින් අනුමැතිය ලබා ගත යුතුය. (තේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය යනාදී වශයෙන් )

  • TIEP – I අයදුම්පතෙහි සදහන් පරිවර්තික අනුපාතය සහ ක්ෂයවීම් සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ අනුමැතිය

  • ලියාපදිංචිය සදහා පහත ලේඛන ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කළ යුතුය.

  • ලියාපදිංචිය සදහා සදහා ඉල්ලුම් කිරීමේ ලිපිය

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් (කට්ටල 03 ක්) ත්‍රිත්වයක් (මුද්‍ර‍ණය කර තිබිය යුතුය)

  • සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව (එය සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු විසින් අත්සන් කර තිබිය යුතුය)

  • එකතු කළ අගය මත බද්ද (එ.අ.බ.) ලියාපදිංචි කිරීමේ සහතික පත්‍ර‍ය

  • 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කර ඇත්නම්,

  • සංස්ථාගත කිරීමේ සහතික පත්‍ර‍ය (2007 අංක 07 දරන සමාගම් පනතේ ආකෘති පත්‍ර‍ අංක 2 A/ ආකෘති පත්‍ර‍අංක 41)

  • සමාගමේ අධ්‍යක්ෂ/ලේකම්වරුන්ගේ වෙනස්වීම් සහ දැනට සිටින අධ්‍යක්ෂ /ලේකම්වරුන්ගේ තොරතුරු දැනුම්දීමේ ආකෘති පත්‍ර‍ය (2007 අංක 07 දරන සමාගම් පනතේ ආකෘති පත්‍ර‍ අංක 20)

  • සමාගමේ කොන්දේසී සහ නියමයන් ඇතුළත් ගිවිසුම් පත්‍රය

 

  • තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ සංස්ථාගත කර ඇත්නම්,

  • තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි සහතිකය

  • සමාගම් ලියාපදිංචි සහතිකය

  • අදාළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අධිකාරීන් වෙතින් අනුමැතිය ලබා ගත යුතුය. (තේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය යනාදී වශයෙන් )

  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයනකරුවෙකු වශයෙන් ලියාපදිංචි වී තිබීම

  • සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ ජාතික හැදුනුම්පත් වල සහතික කරන ලද පිටපත් දෙකක් ලබා දිය යුතුය.

  • ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට බැදිය යුතුය.

  • TIEP – I අයදුම්පතෙහි පිටපත් දෙකක් සදහා අනුමැතිය ලබා ගත යුතුය.

  • ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත අදාළ පරිදි අවශ්‍ය කරන සුරැකුම්පත්

Security for the liabilities (Duties and Levies)

මනා පරිදි ආනයන අපනයන පවත්වාගෙන යනු ලබන අපනයනකරුවන් සදහා තීරු බදු හා අනෙකුත් බදු වගකීම් වල මුළු වටිනාකම සදහාම පෞද්ගලික/ආයතනික අපනයනකරු ඇපකරයක් සදහන් කළ කාලයක් සදහා සුරැකුම්පතක් ලෙස රේගු දෙපාර්තමේන්තුව විසින් භාරගනු ලැබේ.

 

නමුත් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑහීමකට පත් නොවන අවස්ථාවකදි අදාළ බදු මුදල සදහා 100% බැංකු ඇපකරයක් ඉල්ලා සිටීමේ හැකියාව රේගු අධ්‍යක්ෂ ජනනරාල්ට පවතී.

 

Discharge of  Liabilities

 

නියමිත අපනයන සිදු කර අපනයනය සනාථ කිරීම සදහා අදාළ ලියවිලි ඉදිරිපත් කළ පසු අදාළ බදු වගකීම් ලියා හරිනු ලබයි. මේ සදහා,

  • සෘජු අපනයනකරුවන් විසින් අපනයන රේගු සටහන්කරය, අපනයන ලියවිලි, දේශීය සම්ප්‍රේෂණ ලියවිලි හා අමුද්‍ර‍ව්‍ය භාවිතා කිරීමේ ප්‍ර‍කාශ පත්‍ර‍ය ඉදිරිපත් කළ යුතුය.

  • වක්‍ර‍ අපනයනකරුවන් වෙනත් TIEP යටතේ ලියාපදිංචි අපනයනරුවන්ට හෝ ආයෝජන මණ්ඩල කලාප තුළ පවතින ආයතන වලට ලබා දෙන්නේ නම් භාණ්ඩ ලැබීමේ සටහන (Goods Received Note – GRN) හා ඉන්වොයිසිය ද ආයෝජන මණ්ඩල කාලපයෙන් බැහැර පිහිටි ආයතන වලට හා (INFAC) ආයෝජන පහසුතා ක්‍රියාකාර ආයතන වලට ලබා දෙන්නේ නම් භාණ්ඩ ලැබීමේ සටහන හා එකතු කළ අගය ඉන්වොයිසිය (VAT Invoice) ඉදිරිපත් කළ යුතුය.

 

අපනයනය සදහා වූ තාවකාලික ආනයන ක්‍රියාවලිය සදහා පහසුකම් සැපයීම – හතරවන ක්‍ර‍මවේදය

 

මෙම ක්‍ර‍වේදය යටතේ අපනයනය සදහාම නිෂ්පාදනය කරනු ලබන භාණ් හා සේවා සදහා ප්‍රාග්ධන භාණ්ඩ සහ අතරමැදි භාණ්ඩ වශයෙන් භාවිතා කරනු ලබන උපකරණ ආනයනය කිරීම සදහා පහසුකම සැපයීම සිදු කරනු ලැබේ.

ප්‍රාග්ධන හා අතරමැදි (අන්තර්) භාණ්ඩ නිදහස් කිරීම සදහා සුදුසුකම් ලැබීම සදහා

  • නිෂ්පාදන ක්‍රියාවලිය සදහා ප්‍රාග්ධන භාණ්ඩ සෘජුවම යොදා ගැනීම.

  • යන්ත්‍ර‍සූත්‍ර‍ (යන්ත්‍රෝපකරණ)

  • උපකරණ

  • අතිරේක උපාංග ….. යනාදිය

 

  • නිෂ්පාදන ක්‍රියාවලිය සදහා සළකා බැලෙන අත්‍යවශ්‍ය අතරමැදි භාණ්ඩ (අමුද්‍ර‍ව්‍ය ද ඇතුළත්ව)

  • විදුලි උපකරණ / උවාරණ

  • උපක්‍ර‍මය / ප්‍රයෝගය

  • සම්බන්ධිත වෙනත් උපකරණ – වායු සමීකරණ, පරිගණක, විදුලි උත්පාදක ජෙනරේට(ර්) යන්ත්‍ර යනාදිය

 

  • වෙනත් අත්‍යවශ්‍ය උපකරණ

  • කර්මාන්තය සදහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ වල උමතර කොටස්

  • ……..

 

ක්‍රියාත්මක වීමට අනුමැතිය ලබන්නන්

සෘජු අපනයනකරුවන්

අපනයනය සදහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන්

වක්‍ර‍ අපනයනකරුවන්

අපනයනය පිණිස භාණ්ඩ නිෂ්පාදනය කරන අනෙකුත් කර්මාන්ත සඳහා යෙදවුම් වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු

Facilities Available

* ….

Procedure for Approval

 

 

ලියාපදිංචිය සදහා අවශ්‍ය වන ලිපි ලේඛන 

  • ලියාපදිංචිය සදහා සදහා ඉල්ලුම් කිරීමේ ලිපිය

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද (TIEP – IV) අයදුම්පත් (කට්ටල 03 ක්) ත්‍රිත්වයක් (මුද්‍ර‍ණය කර තිබිය යුතුය)

  • සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව එය සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු විසින් අත්සන් කර තිබිය යුතුය)

  • එකතු කළ අගය මත බද්ද (VAT) ලියාපදිංචි කිරීමේ සහතික පත්‍ර‍ය

  • 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කර ඇත්නම්,

  • සංස්ථාගත කිරීමේ සහතික පත්‍ර‍ය (2007 අංක 07 දරන සමාගම් පනතේ ආකෘති පත්‍ර‍ අංක 2 A/ ආකෘති පත්‍ර‍අංක 41)

  • සමාගමේ අධ්‍යක්ෂ/ලේකම්වරුන්ගේ වෙනස්වීම් සහ දැනට සිටින අධ්‍යක්ෂ /ලේකම්වරුන්ගේ තොරතුරු දැනුම්දීමේ ආකෘති පත්‍ර‍ය (2007 අංක 07 දරන සමාගම් පනතේ ආකෘති පත්‍ර‍ අංක 20)

  • සමාගමේ කොන්දේසී සහ නියමයන් ඇතුළත් ගිවිසුම් පත්‍රය

 

  • තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ සංස්ථාගත කර ඇත්නම්,

  • තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි සහතිකය

  • සමාගම් ලියාපදිංචි සහතිකය

  • අදාළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අධිකාරීන් වෙතින් අනුමැතිය ලබා ගත යුතුය. (තේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය යනාදී වශයෙන් )

  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයනකරුවෙකු වශයෙන් ලියාපදිංචි වී තිබීම

  • සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ ජාතික හැදුනුම්පත් වල සහතික කරන ලද පිටපත් දෙකක් ලබා දිය යුතුය.

  • අනුමැතිය ලබා ගන්නා දින සිට වසරක කාලයක් සදහා වලංගු වන අනුමැතියක් සාමාන්‍යයෙන් ලබා දෙනු ලැබේ.

bottom of page