රේගු ආඥාපනතේ (235 වැ නි අධිකාරය) 22 අ වගන්තියේ (1) සහ (2) උප වගන්ති යටතේ වූ – නිවේදනය
රීති
1. මෙහි මින්මතු “රීති” යනුවෙන් හදුන්වනු ලබන මෙම රීති මෙහි මින්මතු “යෝජනා ක්‍රමය” යනුවෙන් හඳුන්වනු ලබන අපනයනය සදහා තාවකාලිකව ආනයනය කිරීම සඳහා වන ගෙන්වා නිමහම් කිරීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන රීති වශයෙන් හඳුන්වනු ලැබේ.
2. මෙම යෝජනා ක්‍රමය යටතේ ආනයනික යෙදැවුම් අදාළ වන අපනයන නිෂ්පාදන කවරේදැයි යන්න රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය තන්හි දී කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංයේ හෝ වෙනත් කිසියම් අදාළ අධිකාරියක අදහස් විමසීමෙන් පසුව නීර්ණය කරනු ලැබේ.
3. මෙම යෝජනා ක්‍රමය පාලනය කරනු ලබන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල් විසිනි.
4. මෙකී යෝජනා ක්‍රමය යටතේ පහත දැක්වෙන දෑ ආනයනය කරනු ලැබීමට අවසර දෙනු ලැබේ.
(අ) අපනයන භාණ්ඩ වල අන්තර්ගත වන්නා වූ අමුද්‍රව්‍ය, උපාංග හා කොටස්
(ආ) අපනයන කිරීමට ඇති නිෂ්පාදන භාණ්ඩ එකලස් කිරීමට අවශ්‍ය කොටස්,
(ඇ) අපනයනය කිරීමට ඇති නිෂ්පාදනයේ දී යොදා ගනු ලබන උත්ප්‍රේරක, ත්වකර, සැකසුම් සඳහා වූ රසායනික, රසායනාගාර රසායනික, පර්යේෂණ රසායනික හා රසායනික ප්‍රතික්‍රියා මන්දකාරකයන්.
(ඈ) අපනයන නිෂ්පාදනය ඇසිරීම සඳහා යොදා ගනු ලබන ලේබල්, ස්ටිකර්, හා ටැග් ඇතුළු ඇසරුම් ද්‍රව්‍ය සහ එවැනි ඇසුරුම් (ද්‍රව්‍ය නිෂාපදනය කිරීම සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය හා අපනයන නාමාවලී සහ තොරතුරු පත්‍රිකා)
5. අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු වන අපනයනකරුවන්ට හා අපනයනය පිණිස භාණ්ඩ නිෂ්පාදනය කරන අනෙකුත් කර්මාන්ත සඳහා යෙදවුම් වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු වන වක්‍ර අපනයන කරුවන් විසින් මූල්‍ය බදු ගෙවීමකින් තොරව එහෙත් මෙහි දක්වා ඇති රීතින්ට යටත්ව සහ රීති අංක 4 හි නිර්වචනය කොට ඇති යෙදවුම් මෙම යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට අවසර ලැබේ.
6. මෙකී යෝජනා ක්‍රමය යටතේ කටයුතු කිරීමට රිසි නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු /වක්‍රඅපනයනකරුවන් ඒ සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය පිණිස අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
7. මෙම යෝජනා ක්‍රමය උපයෝගී කරගනිමින් අපනයන පිණිස කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු / වක්‍රඅපනයනකරුවෙකු වේ නම් හෙතෙම රේගු තීරුබදු ප්‍රතිදාන හිමිකම් ලැබීම සඳහා වූ යෝජනා ක්‍රමය යටතේ හෝ නිෂ්පාදන බැඳුම්කර යෝජනා ක්‍රමය යටතේ හෝ එනම් භාණ්ඩයක් නිෂ්පාදනය කොට අපනයනය කිරීම පිණිස තාවකාලිකව යෙදැවුම් ආනයනය කිරීමේ වෙනත් කිසියම් යෝජනා ක්‍රමයක් යටතේ හෝ ක්‍රියා කිරීමට හිමිකම් නොලබයි. එබඳු තැනැත්තෙකු විසින් මෙකී රීති යටතේ ඇමුණුම් 1 හි නියම කොට දක්වා ඇති ආකෘති පත්‍රය මගින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුවේ.
8. මෙම යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු/ වක්‍ර අපනයනකරුවෙකු විසින් යථෝක්ත ඇමුණු 1 හි නියම කොට දක්වා ඇති ආකෘති පත්‍රය මගින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත පහත දැක්වෙන තොරතුරු සැපයිය යුතුවේ.
(අ) (i) මාස දොළොසකට නොවැඩි හෝ විශේෂිත / තනි තොගයක් සඳහා වූ යෙදැවුම් අවශ්‍යතා
(ii) පරිවත්‍ය අනුපාත ඇගයීම සඳහා වන දත්ත
(iii) අදාල වන තන්හිදී ක්ෂයවීම් සාධක
(ආ) අයදුම්පත පිළිබඳව කටයුතු කිරීම පිණිස රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නිෂ්පාදනයේ සාම්පලයක් අවශ්‍ය කරන ලද්දේ නම්,
9. රේගු අධ්‍යක්ෂ ජනරාල් හෝ /අදාළ අධිකාරිය මගින් අවශ්‍ය කරනු ලබන්නා වූ කර්මාන්ත ශාලාවෙහි හෝ වෙනත් කිසියම් සේවා ස්ථානයක හෝ ගබඩාවක තාක්ෂණික කටයුතු පිළිබඳව දැනගැනීමට සහ/ හෝ වෙනත් කිසියම් තොරතුරක් ලබා ගැනීම පිණිස පැමිණෙන නියෝජිතයින්ට (රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ / හෝ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ සහ /හෝ අදාල අධිකාරියේ ) නිෂ්පාදක අපනයනකරුවෙකු විසින් ඒ සඳහා පහසුකම් සැළසිය යුතුය.
10. කිසියම් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත සහතිකයක් ප්‍රදානය කරනු ලැබූ කල්හි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාල සියලු නියමයන් කොන්දේසි සහ නීතිරීති තමන් පිළිගන්නා බවට ප්‍රකාශයක් මෙහි ඇමුණුම් 1 හි නියම කොට ඇති ආකෘති පත්‍රය මගින් නිෂ්පාදකයකු වන අපනයනකරුවකු / වක්‍ර අපනයනකරු විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත සැපයිය යුතුය.
11. කිනම් අවස්ථාවක දී වුව ද එම අවස්ථාව වන විට පවතින තොගයේ ඇති යෙදවුම් සඳහා අය කෙරෙන තීරු ගාස්තු හා අනෙකුත් බදු මුදල්වල වටිනාකමට සරිලන අයුරින් ඒ වෙනුවෙන් නිෂ්පාදකයෙකු වන අපනයනකරු / වක්‍ර අපනයන කරු විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය කරනු ලබන අයුරින් ඔහු වෙත බැංකු ඇපකර සහ/හෝ බැඳුම්කර ඉදිරිපත් කළ යුතුය.
12. මෙහි දැක්වෙන 11 වන රීතිය ප්‍රකාරව එකී බැංකු ඇපකර හෝ බැඳුම්කර සම්බන්ධයෙන් විය යුතු වලංගු කාල සීමාව දොළොස් මසකට නොඅඩු කාලසීමාවක් හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් තීරණය කරනු ලබන කාල සීමාවක් හෝ විය යුතුය.
13. යෝජනා ක්‍රමය යටතේ නිෂ්පාදකයකු වන අපනයනකරු/වක්‍ර අපනයනකරු විසින් ආනයනය කරනු ලබන භාණ්ඩ සියල්ල සළකුණු කිරීම සහ කැටි කිරීම කළ යුත්තේ ඒවා පහසු අයුරින් හඳුනා ගැනීමට පරීක්ෂා කිරීමට සහ ගණනනය කිරීමට වන අයුරින් ය.
14. 13 වැනි රීතිය ප්‍රකාරව එලෙස සලකණු කරන ලද යෙදැවුම්වල විස්තර, යෝජනා ක්‍රමය යටතේ පවත්වා ගෙන යනු ලබන සටහන් පොතක ඇතුළත් කළ යුතුවේ.
15. නිෂ්පාදයකු වන අපනයනකරුවකු /වක්‍ර අපනයනකරුවෙකු විසින් භාණ්ඩ නිෂ්කාෂණය කර ගැනීමේදී ඒ සඳහා භාණ්ඩ ප්‍රකාශ පත්‍රයක් (CUSDEC) ඉදිරිපත් කළ යුතුවේ. එකී ප්‍රකාශ පත්‍රය (CUSDEC) මත තනි අකුරුවලින් “ගෙන්වා නිමහම් කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ” යන පදවලින් සමන්විත පිටසන් කිරීමක් අධ්‍යක්ෂ/හවුල්කරු /අයිතිකරු/ එකී කර්තව්‍ය සඳහා නිසි ලෙස බලය පවරනු ලැබූ වෙනත් කිසියම් තැනැත්තෙකු විසින් කරනු ලැබිය යුතු අතර ඔවුනගේ ආදර්ශ අත්සන් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත සපයනු ලැබිය යුතුය.
16. අපනයනය කරනු ලබන එක් එක් නිෂ්පාදනය සම්බන්ධයෙන් නිෂ්පාදකයකු වන අපනයනකරු/ වක්‍ර අපනයනකරු පහත දැක්වෙන දෑ පිළිබඳව වාර්තා පවත්වා ගත යුතුය.
-
අපනයනය කරන ලද එක් එක් “යෙදවුම්” ප්‍රමාණය හා වටිනාකම
-
එක් එක් “යෙදවුම්” වෙනුවෙන් පරිවර්ත්‍ය අනුපාතයන්
-
නිෂ්පාදිත භාණ්ඩ ප්‍රමාණය හා වටිනාකම
-
අපනයනය කරනු ලැබූ නිෂ්පාදනවල ප්‍රමාණය සහ වටිනාකම
-
නිෂ්පාදක වක්‍ර අපනයනකරු විසින් සෘජු අපනයනකරු වෙත සපයන ලද භාණ්ඩවල ප්‍රමාණය සහ වටිනාකම
-
උප කොන්ත්‍රාත්කරුවන්හට දෙන ලද “යෙදැවුම්” ප්‍රමාණය හා වටිනාකම සහ ඔවුන්ගෙන් ලද නිෂ්පාදිත භාණ්ඩ වල ප්‍රමාණය සහ විටිනාකම
1. එකී වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් බලය පවරනු ලැබූ නිලධාරියෙකු විසින් පරීක්ෂා කරනු ලැබීම පිණිස ඉදිරිපත් කළ යුතුය.
17. මෙම යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර කටයුතු වල නිරතවන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු තමන්ට අවශ්‍ය සැපයුම් මෙම යෝජනා ක්‍රමය යටතේ හෝ බැඳුම්කර යටතේ නිෂ්පාදනය කිරීම් යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන නිෂ්පාදකයෙකු වන වක්‍ර අපනයනකරුවෙකුගෙන් හෝ භාණ්ඩ ලැබීම් සටහන් මත තීරුබදු ප්‍රතිදාන යෝජනා ක්‍රමය යටතේ නිෂ්පාදකයෙකුගෙන් හෝ බන්ධිත ගුදම් භාණ්ඩ ප්‍රකාශයක් මත හෝ තම සැපයුම් ලබාගතයුතු අතර එම ලියවිලිවල මුහුණතෙහි, ගෙන්වා නිමහම් කිරීමේ වැඩ පිළිවෙල යටතේ යන කාර්ය විස්තරය සඳහන් කළ යුතුය.
18. මෙම යෝජනා ක්‍රමය යටතේ ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු විසින් වෙනත් ඕනෑම නිෂ්පාදකයෙකු සමඟ උප කොන්ත්‍රාත්තුවකට එළඹීමට අවසර ඇති අතර අපනයනය සිදුවන කාලය තුළ ක්‍රියාත්මක වන උප කොන්ත්‍රාත්තුව මඟින් සැපයෙන නිමි භාණ්ඩ හෝ ද්‍රව්‍ය නැතිවීමෙන් හෝ ඒවාට සිදුවන අලාභයක් නිසා ගෙවීමට සිදුවන තීරුබදු හෝ ඕනෑම ගාස්තුවකට එකී නිෂ්පාදන අපනයනකරු යටත් වන අතර, රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කරනු ලබන වෙනත් කිසියම් නියමයන් හා කොන්දේසි වේ නම් ඒවාට අනුකූලව ද කටයුතු කළ යුතුය.
19. 18 වන රීතිය යටතේ රෙගු අධ්‍යක්ෂ ජනරාල් වසින් නියම කරනු ලබන නියමයන් හා කොන්දේසී උල්ලංඝනය වන කිසියම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් වේ නම් ඒ පිළිබඳ වගකීම නිෂ්පාදකයකු වන අපනයනකරු වෙත පැවරේ.
20. සම්පූර්ණ නොකළ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් භාවිතයට නොගැනූ ආනයනික යෙදැවුම් ඒවා ආනයනය කරන ලද දින සිට මාස 06 ක් ඇතුළත හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කෙරෙන නියමයන් හා කොන්දේසි යටතේ දීර්ඝ කරන ලද කාල පරිච්ඡේදයක් තුළ දී නිෂ්පාදකයකු වන අපනයනකරු විසින් අපනයනය කළ යුතුවේ. එකී ආනයනික යෙදැවුම් ප්‍රති අපනයනය කිරීමට නිෂ්පාදකයකු වන අපනයනකරු අපොහොසත් වේ නම් ඒවා දේශීය වෙළඳ පොළට විකුණා ගැනීම පිණිස රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ඔහු විසින් ඉල්ලා සිටිය යුතුය.
21. මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන නිෂ්පාදකයෙකු වන අපනයනකරුවෙකු විසින් මෙකී යෝජනා ක්‍රමය යටතේ හෝ අපනයනය සඳහා නිෂ්පාදන බැඳුම් ක්‍රම යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු වෙත නිමි භාණ්ඩ සැපයීමේ දී ඒ සඳහා ප්‍රතිලාභ ලබාගැනීම පිණිස මෙහි ඇමුණුම් II හි නිශ්චිතව දක්වා ඇති ආකෘති පත්‍රය මඟින් ලදු සටහන් පත්‍රයක් (GRN) නිෂ්පාදකයකු වන අපනයනකරු වෙතින් සහතික කොට ලබා ගත යුතුවේ.
22. මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු / වක්‍ර අපනයනකරුවෙකු තීරු බද්දෙන් තොරව භාණ්ඩ ලබාගැනීමට අවසර ලත් දේශීය ව්‍යවසායන්ට නිමි භාණ්ඩ සපයන්නේ නම් මෙම යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිය.
23. නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු / වක්‍ර අපනයනකරුවෙකු විසින් යෝජනා ක්‍රමය යටතේ තීරු බද්දෙන් තොර භාණ්ඩ දේශීය වෙළඳ පළ සඳහා හෝ තීරුබදු ප්‍රතිදාන යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන සෘජු අපනයනකරුවෙකුට සැපයීම පිණිස යොදාගනු ලබයි නම් ඒ සඳහා ඔහු විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු අතර ඊට සරිලන බදු සහ ගාස්තු ගෙවිය යුතුය.
24. මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන නිෂ්පාදකයකු වන වක්‍ර අපනයනකරුවෙකු විසින් තීරුබදු ප්‍රතිදාන යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු හට සැපයීමක් කරන තන්හි දී එකී නිෂ්පාදකයෙකු වන වක්‍ර අපනයනකරු විසින් එසේ සපයන ලද නිමි භාණ්ඩය නිෂ්පාදනය කිරීම පිණිස යොදා ගත් අමුද්‍රව්‍ය වල ප්‍රමාණය වෙනුවෙන් ගෙවිය යුතු මූල්‍ය බදු, භාණ්ඩ ප්‍රකාශන පත්‍රයක් (CUSDEC) මඟින් “ගෙන්වා නිමහම් කිරීමේ වැඩපිළිවෙළ යටතේ” යන්න සඳහන් කොට රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත වහාම ගෙවිය යුතුය.
25. අපනයනයක්/අපනයනකරුවෙකුට සැපයීමක් සිදු කරනු ලැබූ පසු, නිෂ්පාදකයකු වන අපනයනකරුවෙක්/වක්‍ර අපනයනකරුවෙක් තම බැංකු ඇපකරයට/බැඳුම්කරයට එරෙහිව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අපනයනය/සැපයීම සිදු කළ දින සිට දින 30 ක් ඇතුළත පහත දැක්වෙන ලියකියවිලි රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය.
(i) නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු සම්බන්ධයෙන් නම්
(අ) නැව් සේවා නියෝජිත විසින් සහතික කළ අවසාන නෞභාර පත්‍රය/ගුවන් බඩු පත්‍රය
(ආ) මුහුදින් ප්‍රවාහනය කරනු ලැබූ භාණ්ඩ තොග සම්බන්ධයෙන් නම් රේගු භාණ්ඩ ප්‍රකාශන ලියවිල්ලේ (CUSDEC) “පාර්ශවයේ” පිටපත
(ඇ) ගුවන් බඩු ප්‍රවාහනයක් සම්බන්ධයෙන් නම් 64 වැනි තීරුවේ රේගුව විසින් පිටසන් කරන ලද “පාර්ශවයේ” පිටපත
(ඈ) අපනයන ඉන්වොයිස් පත්‍රය
(ඉ) කිසියම් හඳුනාගත් අපනයන භාණ්ඩයක් සම්බන්ධයෙන් නම් ඉහත (අ), (ආ) සහ (ඈ) හි දක්වා ඇති ලියකියවිලි වෙනුවට රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ අභිමතය පරිදි අපනයනකරුගේ සහතිකය භාර ගනු ඇත.
(ii) මෙම යෝජනා ක්‍රමය යටතේ හෝ නිෂ්පාදන බැඳුම්කර යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන අපනයනකරුවෙකු නව භාණ්ඩ සැපයීමෙහි නිරත නිෂ්පාදකයකු වන වක්‍ර අපනයනකරුවෙක් සම්බන්ධයෙන් නම් (අ) භාණ්ඩ ලැබීමේ සටහනෙහි පහත දැක්වෙන අයුරු නිසි පරිදි සහතික කොට තිබිය යුතුය.
(අ) ……………. වන අපි (සෘජු අපනයනකරුවෙකුගේ නම ) භාණ්ඩ ලැබීමේ සටහනෙහි සවිස්තරව දක්වා ඇති මෙරට නිෂ්පාදිත භාණ්ඩ………….දින දී මිළදීගත් බවත් ………. පිහිටි අපගේ කර්මාන්ත ශාලාව නිෂ්පාදන බැදි ගුදම වෙත එකී භාණ්ඩ ලද බවත් සහතික කරමු. තවද දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ අපනයනය සඳහාම පමණක් යොදා ගනු ලබන බවට අප බැඳී සිටිමු. මෙම විස්තර අනුව අපගේ තොග/බැංකු ඇපකර ……. දිනට පෙර හර කිරීම පිණිස රේගු දෙපාර්තමේන්තුවට මෙයින් බලය දෙමු. එහි සපයා ඇති භාණ්ඩ සම්බන්ධයෙන් වන තීරු ගාස්තු හා බදු ප්‍රතිදානය කරන ලෙස ඉල්ලා අප විසින් හිමිකම් අයදුම් නොකරනු ඇත.
බලයලත් අත්සන්කරුගේ නම සහ නිල නාමය :
අත්සන :
සමාගම් නිල මුද්‍රාව / ලාංඡනය :
දිනය :
(ආ) භාණ්ඩ හා සේවා බදු දැක්වූ ඉන්වොයිස් පත්‍රය (පිටපතක්)
(iii) ආයෝජන මණ්ඩල තත්වය ප්‍රදානය කරනු ලැබ ඇති ව්‍යවසායයක් සඳහා භාණඩ සැපයුම කරනු ලබන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු / වක්‍ර අපනයනකරුවෙකු සම්බන්ධයෙන් නම් හෙතෙම –
(අ) කලාපය තුළ පිහිටි ව්‍යවසායක් සඳහා සැපයෙන භාණ්ඩ සම්බන්ධයෙන් එකී භාණ්ඩ සැපයුම්කරු වෙතින් ව්‍යවසාය වෙත ලැබුණු බවට දැක්වෙන සහතිකයක් හා එකී භාණ්ඩ ව්‍යවසාය වෙත ලැබුණු බවට ආයෝජන මණ්ඩලය විසින් කරනු ලබන පිටසන් කිරීමක් සහිත භාණ්ඩ ලදු සටහන් (GRN) පත්‍රයක්
(ආ) කලාපයෙන් පිටත පිහිටි ව්‍යවසායක් සඳහා සැපයෙන භාණ්ඩ සම්බන්ධයෙන් මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන සැපයුම්කරුවෙකුගෙන් ආයෝජන මණ්ඩල තත්වය හිමි ව්‍යවසාය විසින් භාණ්ඩ ලබා ගත් බවට බලයලත් තැනැත්තෙකුගේ සහතිකයක් සපයන ලද භාණ්ඩ හා සේවා බදු ඉන්වොයිස් සම්බන්ධයෙන් වන ගෙවීම් විදේශ ව්‍යවහාර මුදලින් ලද බවට සැපයුම්කරුගේ බැංකුවෙන් කරනු ලබන පිටසන් කිරීමක්.
(iv) නිෂ්පාදකයෙකු වන අපනයනකරුවෙකු / වක්‍ර අපනයනකරුවෙකු බද්දෙන් තොරව භාණ්ඩ ලබා ගැනීමට අවසර ලත් දේශීය ව්‍යවසායක් සඳහා භාණ්ඩ සපයනු ලබන විට පහත දැක්වෙන ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.
(අ) තීරු බද්දෙන් තොරව ආනයනය/දේශීය වශයෙන් යෙදැවුම් මිළ දී ගැනීම් පිණිස නිකුත් කොට ඇති අධිකාරී බලය පැවරෙන ලිපිය.
(ආ) භාණ්ඩ ලබන ව්‍යවසාය විසින් නිසි ලෙස සහතික කරන ලද භාණ්ඩ ලැබීමේ සටහන
(ඇ) අදාළ තන්හි දී භාණ්ඩ හා සේවා බද්ද ගෙවීම දැක්වෙන ඉන්වොයිස් පත්‍රය.
26. මෙකී රීතින්හි විශේෂයෙන් දක්වා නොමැති කිසියම් කරුණක් වෙතොත් රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් ඒ පිළිබඳව තීරණයකට එළඹීමෙන් ඉක්බතිව ඒ සම්බන්ධයෙන් නිසි දැන්වීමක් කෙරෙනු ලැබේ.
27. යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන නිෂ්පාදකයකු වන අපනයනකරු/නිෂ්පාදකයකු වන වක්‍ර අපනයනකරු විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්ණය කරනු ලබන වාර්ෂික ගාස්තුවක් ගෙවනු ලැබිය යුතුය.
28. රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම යෝජනා ක්‍රමයට අදාළව නියම කරනු ලබන නියමයන් හා කොන්දේසී හෝ ක්‍රියා පරිපාටීන් / කොන්දේසී කිසිවක් උල්ලංඝනය කරන නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු / වක්‍ර අපනයනකරුවෙකු වේ නම් හෙතෙම රේගු අඥාපනතේ විධිවිධාන ප්‍රකාරව නියම කෙරෙන දණ්ඩනයන්ට යටත් වේ.
29. රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් දෙන ලබන තීරණයන් සම්බන්ධයෙන් යෝජනා ක්‍රමය යටතේ කටයුතු කරන කිසියම් නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු/වක්‍ර අපනයනකරුවෙකු සෑහීමට පත් නොවේ නම් එකී තීරණය දැනුම් දෙනු ලැබීමෙන් දින 30 ක් ඇතුළත මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත හෝ තත් කාර්යය සඳහා පිහිටුවා ඇති අභියාචනා මණ්ඩලය වෙත ඒ පිළිබඳව අභියාචනයක් කිරීමට හිමිකම් ඇත.
30. 12.29 දිනැති අංක 799/10 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කෙරුණු වගන්තිය යටතේ ප්‍රදානය කරන ලද ඕනෑම අනුමැතියක් මෙම යෝජනා ක්‍රමය යටතේ දෙනු ලැබූ ඇනුමැතියක් සේ සැලකෙන අතර, රීතින් ද අවශ්‍ය සංශෝධන සහිතව එකී අනුමැතියන්ට අදාළ විය යුතුවේ.
31. රීති හා සම්බන්ධ කාර්යාර්තයන්හි දී –
“අපනයනය” යනුවෙන් අදහස් විය යුත්තේ සකස් කරනු ලැබූ එකලස් කරනු ලැබූ හෝ නිෂ්පාදනය කරනු ලැබූ භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගමනාන්තයක් සඳහා සැපයීමය.
“වක්‍ර අපනයන” යනුවෙන් අදහස් වන්නේ සැකසූ අර්ධ සැකසූ හෝ නිමි භාණ්ඩ නිෂ්පාදනය කොට අපනයනකරුවකුට සැපයීමය
“ඒත්තු ගැනෙන අපනයන” යනුවෙන් අදහස් වන්නේ, ආයෝජන මණ්ඩල පනතේ 17 වගන්තිය යටතේ ආයෝජන මණ්ඩල තත්වය ඇති රාජ්‍ය මූල්‍ය බදු අයකිරීම් වලින් නිදහස් භාණ්ඩ ආනයනය කිරීමට හිමිකම් ඇති ව්‍යවසාය සඳහා ව්‍යාපෘති හා සම්බන්ධ අනුමත අර්ධ සැකසූ හෝ සැකසූ හෝ නිමි භාණ්ඩ සැපයුමයි.
“නිෂ්පාදකයකු වන අපනයනකරුවකු” යනුවෙන් අදහස් විය යුත්තේ භාණ්ඩ නිෂ්පාදනය කොට අපනයනය කරන්නාවූ පුද්ගලයකු හෝ සමාගමකි.
“නිෂ්පාදකයකු වන වක්‍ර අපනයනකරු” යනුවෙන් අදහස් විය යුත්තේ නිෂ්පාදකයකු වන අපනයනකරුවකු හට භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන්නා වූ ද ඒ සඳහා ද ශ්‍රී ලංකාව තුළ දී ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීම් ලබන්නා වූ සහ ශ්‍රී ලංකාව තුළ එකී කටයුතු වල නියැලී සිටින තැනැත්තෙක් හෝ සමාගමකි.
“පරිවර්ත්‍ය අනුපාත” යනුවෙන් අදහස් විය යුත්තේ අපනයනය කළ හැකි නිෂ්පාදන ඒකකයක් වෙනුවෙන් (ඉඩ දිය හැකි අපතේ යාම් ඇතුළුව) යොදා ගන්නා ලද යෙදැවුම් වල ප්‍රමාණයයි.
“බැංකු ඇපකරය” යනුවෙන් අදහස් විය යුත්තේ නිෂ්පාදකයකු වන අපනයනකරුවෙකු හෝ නිෂ්පාදකයෙකු වන වක්‍ර අපනයනකරුවෙකු වෙනුවෙන් බැංකුවක් විසින් තමන් වගකීමෙන් බැදෙමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉල්ලා සිටි විටෙක රාජ්‍ය මූල්‍ය බදු ගෙවීමක් වශයෙන් ඇපයෙහි සඳහන් කොට ඇති මුදලට සමාන මුදලක් ගෙවීමට ඇපවෙමින් ඉදිරිපත් කරනු ලබන ගිවිසුම් ලේඛනයකි.
“ඇපකරය” යනුවෙන් අදහස් කරන්නේ භාණ්ඩ ආනයනය කරන අවස්ථාවේ දී නිදහස් කරන ලද සියලුම රාජ්‍ය මූල්‍ය බදු වලට සමාන වූ මුදල් ප්‍රමාණයක් යම් හෙයකින් නිදහස් කිරීම් ප්‍රදානය කරන ලද කොන්දේසි ඉටු නොකළහොත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගෙවන බවට නිෂ්පාදකයෙකු වන අපනයනකරුවෙකු විසින් හෝ නිෂ්පාදකයෙකු වන වක්‍ර අපනයනකරුවෙකු විසින් දෙනු ලබන පොරොන්දුවයි.